කාන්තාවන් සිතන ආකාරය - පිරිමින්ට වැදගත්
පිරිමි අපට වඩා කාන්තාවන්ගේ ආශාවන් හා සිතුම් පැතුම් බොහෝ සෙයින් වෙනස්ය. මේ දැක්වෙන්නේ කාන්තාවන් කිහිප දෙනෙකු ප්‍රකාශ කළ අදහස්‍ය. කාන්තාවන්ගේ සිතුම් පැතුම් ආශාවන් අවබෝධ කරගැනීමට ඔබට මෙය උපකාරී වේවි.
''පුරුෂයෙකුගේ ශරීරයේ තිබෙන සාරාගීම අවයවය තමයි ඔහුගේ අත්දෙක. ඔහු කොතරම් කඩවසම් වුණත් ඔහුට ශක්තිමත් අත් දෙකක් නැත්නම් මට ඔහු ගැන ආශාවක් ඇතිවෙන්නේ නැහැ.'' මම විශේෂයෙන්ම කැමතියි උණුසුම්, ශක්තිමත්, විශාල තද පුරුක් සහිත අත් දෙකක් සහිත පුරුෂයින්ට - ජැකී 34
විවාහයට පෙර මම ගොඩක් කොටට ඇන්දා. කොට ගවුම් කොට සායවල් අඳින්න මම ගොඩක් ආසා කළා. මගේ ඇඟට ඒවා ගොඩක් ලස්සනයි කියලා මගේ මිතුරියෝ හැමෝම කිව්වා. ඒත් මම විවාහ වුණාට පස්සෙ මම ඒ විදියට ලස්සනට අඳිනවාට මගේ සැමියා කැමති නැහැ. එයා කියනවා මම ඒ විදියට ඇන්දාම පිරිමි හිතනවාලු මම වල් ගැහැණියක් කියලා. මම නම් ඒ මතයට විරුද්ධයි. මට පිරිමින්ව දැලේ දාගන්න අවශ්‍යතාවයක් නැහැ. මම ආස මට ලස්සන විදියට අඳින්න පළඳින්න විතරයි. ඕනෑම ගැහැණියක් කැමතියි කැපිල පේන්න ගොඩක් ලස්සනට අඳින්න පළඳින්න. ඒත් මේ මෝඩ පිරිමි එතකොට හිතන්නෙ අපේ තියෙන විසේ වැඩිකමට අපි එහෙම අඳිනවා කියලයි. - ජුලියා 26
විහිළු තහළු කරන පිරිමින්ට කාන්තාවන් කැමති බව ඇත්තයි. ඒත් දවසේ පැය 24 පුරාම විකට නළුවෙකුගේ චරිතයක් තම සැමියා හෝ පෙම්වතාගෙන් කාන්තාවන් බලාපොරොත්තු වෙන්නෙ නැහැ. විශේෂයෙන් ජීවිතයේ ප්‍රශ්න වලදී එම ප්‍රශ්න දිහා සිනාමුසු මුහුනින් සැහැල්ලුවෙන් බැලීමට ඔහුට හැකියාව තිබිය යුතුයි. මට මොකක් හරි ප්‍රශ්නයක් ඇතිවුනාම එයා මාව හිනස්සවල මගේ හිතේ බර නැතිකරල ඊට පස්සෙ ඒ ප්‍රශ්නෙට විසඳුමක් හොයල දෙන්න ඕනි. - ෆ්‍රැන්සිස්කා
මාගේ පෙම්වතා නිතරම අනිත් ලස්සන කෙල්ලන්ව මාත් එක්ක වර්ණනා කරනවා. රූපවාහිනියෙ පෙන්වන සමහර නිළියන් ගැන මාත් එක්ක කියනවා. එයාලගෙ මූණෙ ලස්සන, සිරුරේ හැඩය ලස්සන ගැන තමයි නිතර කියවන්නෙ. මම මේකට ආසම නෑ. තමන්ගේ සහකරුවා වෙනත් ගැහැණු කෙනෙක්ව වර්ණනා කරනවාට කිසිම ගැහැණියක් කැමති නැහැ. සමහරවිට එයා හිතනවා ඇති එතකොට මට හිතෙයි මම එච්චර ලස්සන නෑ කියල. එතකොට මම එයාව දාල යන එකක් නැතිවෙයි කියල. ඒත් මම දන්නව මම ලස්සනයි කියල. කොහොම වෙතත් මට නම් දැන් එයාව එපාවෙලයි තියෙන්නෙ. - ලීසා 27
පිරිමින් කතාකරන ආකාරය ගැන මට කිසිම පැහැදීමක් නැහැ. එයාල ගෑණු අපි එක්ක කතා කරන විදියට නොවෙයි එයාලගෙ පිරිමි යාලුවොත් එක්ක කතා කරන්නෙ. දවසක් මම මගේ පෙම්වතා සමග කතා කරමින් ඉන්නකොට එයාට එයාගෙ යහළුවෙකුගෙන් දුරකතන ඇමතුමක් ආවා. එයා එයාගෙ ඒ යාළුවත් එක්ක දුරකතනයෙන් කතා කළේ හරිම වෙනස් විදියටයි. මාත් එක්ක කතා කරන්නෙ වෙන විදියකට. එයාගෙ පිරිමි යාළුවොත් එක්ක කතා කරන්නෙ තව විදියකට. මට හිතාගන්න බෑ එයාගෙ නියම කතා ශෛලිය මොකක්ද කියලා. - යොලන්ඩා 33
සමහර පිරිමින් හිතාගෙන ඉන්නෙ එයාලගෙ ප්‍රාණවත් පුරුෂ ලිගුව කාන්තා අපව යටත් කරගන්නා ආයුධයක් කියලයි. ඒත් ඇත්තටම පුරුෂ ලිගුවක් ගැන කාන්තාවන්ට හිතෙන්නෙ තමන්ව මවක් කිරීමට හැකි අවයවයක් ලෙසයි. - ග්ලොරියා 42


No comments :
Post a Comment